පාර්ලිමේන්තුවේ නව සැසිය අගෝස්තු 3

ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි පාර්ලිමේන්තුවේ වාර අවසාන කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කෙරුණා.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ හැත්තෑ වන ව්‍යවස්ථාවෙන් ජනාධිපතිවරයා වෙත පැවරී ඇති බලතල ප්‍රකාරව ජනාධිපති රනිල් වික්‍රමසිංහයි මෙලෙස වාර අවසාන කර ඇත්තේ.

ඒ අනුව මීළඟ පාර්ලිමේන්තු වාරය ආරම්භ වන්නේ අගෝස්තු මස තුන් වනදායි.

එදින පෙරවරු 10.30ට පාර්ලිමේන්තුව පැවැත්වෙන බවත්, අදාළ ගැසට් නිවේදනයේ දැක්වෙනවා.

Exit mobile version