අවුරුදු විස්සට වැඩි ලක්ෂ හැටක් බූස්ටර් අරගෙන නැහැ

රට තුළ යළිත් කොවිඩ් අවධානම ඉහළ යමින් තිබෙනවා.

ඊයේ දිනයේදී කොවිඩ් වෛරසය ආසාදිත රෝගීන් එකසිය තිස් එක් දෙනෙකු වාර්තා වුණා.

පවතින තත්වය හමුවේ මුව ආවරණ පැළඳීම මෙන්ම නියමිත එන්නත් මාත්‍රා ලබා ගැනීම අත්‍යවශ්‍ය බවයි සෞඛ්‍ය අංශ නිරන්තරයෙන් අවධාරණය කරන්නේ.

කෙසේ වෙතත් මෙරට අවුරුදු විස්සට වැඩි පුද්ගලයින් ලක්ෂ හැටකට අධික පිරිසක් බූස්ටර් එන්නත් මාත්‍රාව ලබාගෙන නැති බව තහවුරු වී තිබෙනවා.

මේ හේතුවෙන් යළිත් කොවිඩ් රෝගීන් වාර්තා වීමේ ඉහළ යාමක් පෙන්නුම් කරන බවයි සෞඛ්‍ය අංශ පවසන්නේ.

Exit mobile version