වැසි තත්ත්වයේ අඩු වීමක්

දිවයිනේ නිරිත දිග කොටසේ පවතින තද වැසි තත්ත්වය අද (05) දින සිට ක්‍රමයෙන් අඩුවනු ඇතැයි බලාපොරොත්තුවේ.

බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත්විටින් විට වැසි ඇතිවේ. සබරගමුව පළාතේත්, මහනුවර, නුවරඑලිය,ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 50ට වැඩි තරමක් තද වැසි ඇතිවිය හැක.

උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වල වැසි වාර කිහිපයක් ඇති විය හැක.

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් සුළගේ වේගය විටින් විට පැ.කි.මී. 50 පමණ දක්වා වැඩිවිය හැක.

Exit mobile version