සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රථම ස්ථාන 06ක් සහ දෙවැනි ස්ථාන 09ක්

2017 දෙසැම්බර මාසයේ දී පැවැති අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයෙන් සිසු සිසුවියෝ හය දෙනෙක් දිවයිනේ ප්‍රථම ස්ථාන දිනා ගැනීමට සමත්ව සිටිති.

මෙවර සිසු සිසුවියන් නව දෙනෙකු දෙවැනි ස්ථානය හිමි කර ගැනීමට සමත්ව සිටී.

ප්‍රථම ස්ථාන දිනා ගත් විභාග අපේක්ෂකයන් හය දෙනා අතුරින් දෙදෙනෙක්ම ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලයේ සිසුවියෝය.

ගම්පහ රත්නාවලී බාලිකා මහා විද්‍යාලයේ කසුනි හංසනා සෙනෙවිරත්න, ගම්පහ රත්නාවලී බාලිකා මහා විද්‍යාලයේ චමෝදි රවීසා සුබසිංහ, මහනුවර උසස් බාලිකා විද්‍යාලයේ නවෝද්‍යා ප්‍රභාවී රණසිංහ, මහනුවර මහාමායා බාලිකා විද්‍යාලයේ ලිමාෂා අමන්දි විමලවීර, මාතර සුජාතා විද්‍යාලයේ රන්දි ලක්ප්‍රියා, රත්නපුර සීවලී මධ්‍ය මහා විද්‍යාලයේ කවීස ප්‍රතිභාත් ප්‍රථම ස්ථාන හිමිකරගත් 06 දෙනා වේ.

කොළඹ දේවී බාලිකා මහා විද්‍යාලයේ නිපුනි ඉන්දීවරී හේරත්, කොළඹ සී.එම්.එස්.බාලිකා විද්‍යාලයේ අනීෂා ගීතාංජලී ගුණවර්ධන ප්‍රනාන්දු, නුගේගොඩ සමුද්‍රදේවි බාලිකා විද්‍යාලයේ රිසිනි දිනාරා කුමාරසිංහ, කොළඹ ශාන්ත ජෝසප් විද්‍යාලයේ කවීන් සන්දීප සිරිවර්ධන, ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ තිමන්ත සමාධි වික්‍රමසිංහ, හෝමාගම මහින්ද රාජපක්ෂ විද්‍යාලයේ සෙනුරි දිල්රූ මල්කිකාරච්චි, යාපනය වෙම්බඩි උසස් බාලිකා විද්‍යාලයේ මිරුති සුරේෂ්කුමාර්, මහනුවර හිල්වුඩ් විද්‍යාලයේ නිසංසා කසුන්දි ගොකරැල්ල, මාතර සුජාතා විද්‍යාලයේ අමන්දි නයනතාරා ජයසූරිය දෙවැනි ස්ථානයට පත් 09 දෙනා වේ.

Exit mobile version