ඉන්දියාවේ 76 වන නිදහස් සැමරුම අද

ඉන්දියාවේ හැත්තෑ හය වන නිදහස් සැමරුම අදට යෙදී තිබෙනවා.

එහි ප්‍රධාන සැමරුම් උත්සවය පැවැත්වුණේ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ප්‍රධානත්වයෙන්.

ඉන්දීය නිදහස් දින උළෙල අමතමින් නරේන්ද්‍ර මෝදි ප්‍රකාශ කර සිටියේ ඉන්දියාව වසර විසිපහකින් සංවර්ධිත රාජ්‍යක් විය යුතු බවයි.

ඉන්දියාව ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක් ලෙසයි හඳුන්වන්නේ.

1947 වර්ෂයේ අගෝස්තු පහළොස් වන දින ඉන්දියාව, බ්‍රිතාන්‍ය යටත් විජිත වාදයෙන් නිදහස් වුණා.

මේ අතර ලොව උසම ගොඩනැගිල්ල වන බර්ජ් කලීෆාහි ඉන්දීය ධජය ප්‍රදර්ශනය කර තිබුණා.

ඒ හැත්තෑ හය වන ඉන්දීය නිදහස් දින සැමරුමට සමගාමීවයි.

Exit mobile version