නාගදීප විහාරස්ථානයේ වාර්ෂිකව පවත්වන බක්මස පිංකම් මාලාව හෙට අැරඹේ

මෙවරද නාගදීප විහාරස්ථානයේ වාර්ෂිකව පවත්වන බක්මස පිංකම් මාලාව මෙවර හෙට (31) වෙනිදා එනම් බක්මස පොහොය දින සහ අනිද්දා දින (අප්‍රේල් 01 දා) පැවැත්වෙන අතර මෙවර බක් මහ පොහොය යෙදී තිබෙන්නේ මාර්තු මාසයේ දීය.

බුදුවී වසර පහකට පසුව බුදුරාජාණන් වහන්සේ නාගදීපයට වැඩම කිරීම බක්මාසයේ පුරපසළොස්සක පොහෝ දවසේ සිදුවීමත්, හිටපු නාග විහාරාධිපති අති ගෞරවනීය බ්‍රහ්‍රමණවත්තේ දම්ම කීර්ති තිස්ස මහා නායක වහන්සේගේ ගුණ අනුස්මරණ දිනයද යෙදී තිබෙන්නේ බක්මාසයේ වීමත් දැනට නාගදීප විහාරාධිපති අති ගෞරවනීය නවන්දගල පදුම කීර්ති තිස්ස නායක හිමිපානන්ගේ ජන්ම දිනය බක්මාසයේ යෙදී තිබීමත් නිසා මෙම පිංකම් මාලාව සුවිශේෂී වේ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ද මෙම පිංකම් මලාවට සහභාගී වීමට නියමිතයි.

Exit mobile version