ද්විත්ව පුරවැසිභාවය විසඳාගත යුත්තේ අධිකරණ ක්‍රියාදාමයෙන් – කැබිනට් ප්‍රකාශක

මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වැනි සංශෝධනය අනුව ද්විත්ව පුරවැසියන්ට ව්‍යවස්ථාදායකය නියෝජනය කිරීම සිදු කළ නොහැක්කක් බවත්, එය විසඳාගැනීමට නම් අධිකරණය තුළින් ක්‍රියාමාර්ග ගතයුතු බවත්, කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසයි.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු පරිශ්‍රයේ අද (26) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවේ දී ද්විත්ව පුරවැසියන් ව්‍යවස්ථාදායකයෙන් ඉල්ලා අස්වීම හෝ ඉවත් කිරීම සම්බන්ධයෙන් ගන්නා ක්‍රියාමාර්ග පිළිබඳ මාධ්‍ය විමසු විට ඔහු මෙසේ පිළිතුරු ලබාදුන්නේය.

Exit mobile version