ඉන්දියාවේ ඛේදවාචකය ගැන ජනපතිගෙන් ශෝක පණිවුඩයක්

ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ එල්ලෙන පාලමක් කඩා වැටීමෙන් ජීවිතක්ෂයට පත්වූ ජනතාව වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ශෝක පණිවුඩයක් නිකුත් කර තිබේ.

ඉන්දීය රජයට මෙන්ම එරට ජනතාවට සහ ජීවිත අහිමිවූවන්ගේ පවුල්වලට සිය ශෝකය ප්‍රකාශ කරන බව ජනාධිපතිවරයා නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.

Exit mobile version