විනී මැන්ඩෙලා අභාවප්‍රාප්ත වෙයි

හිටපු ජනිධිපති නෙල්සන් මැන්ඩෙලාගේ පළමු බිරිද හා දකුණු අප්‍රිකාවේ වර්ගභේදවාදයට එරෙහි අරගලයේ ප්‍රබල ක්‍රියාකාරිණියක වූ විනී මැන්ඩෙලා අභාවප්‍රාප්ත වෙයි.

මිය යන විට ඇය 81 වන වියේ පසුවිය.

වසර 27ක් පුරා සිර දඩුවම් විදි නෙල්සන් මැන්ඩෙලා මහතා ඉන් නිදහස ලැබූ දිනයේදී ඔහු අතින් අල්ලා ගනිමින් ඇය ගමන් කළ ආකාරය දැක්වෙන ජායාරූපය ලෝකයේ ප්‍රබලතම ජායාරූපවලින් එකක් ලෙස සැලකේ.

කෙසේ වෙතත් 1996 වසරේදී නෙල්සන් මැන්ඩෙලා හා විනී මැන්ඩෙලා වෙන්වූයේ ඔවුන් අතර ඇතිවූ මත ගැටුමක ප්‍රතිඵලයක් ලෙසය.

Exit mobile version