අධිකරණ සංවිධාන සංශෝධන පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීම කල්යයි

අධිකරණ සංවිධාන සංශෝධන පනත් කෙටුම්පත අද (05) දිනයේ ඉදිරිපත් නොකරන බව සභානායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

මෙම පනත් කෙටුම්පතේ වගන්ති කිහිපයක් සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් නියෝගවලට අනුව සංශෝධන සිදු කිරීමට පවතින බැවින් මෙම තීරණයට එළඹි බවයි ඔහු ඔහු කියා සිටියේ.

මේ අතර රුපියල් මිලියන 7000 කට ආසන්න පරිපූරක ඇස්තමේන්තුවක් අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබුණි.

Exit mobile version