මහින්ද, ගෝඨාභය ඇතුළු 04 දෙනෙකුට කැනඩාවෙන් දැඩි සම්බාධක

හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ සහ හිටපු අගමැති මහින්ද රාජපක්ෂ ඇතුළු ශ්‍රී ලාංකිකයින් හතර දෙනෙකුට කැනඩාව සම්බාධක පනවා තිබෙනවා.

ඒ අනුව මෙම සිව් දෙනාට එරටට ඇතුළු වීම තහනම් වනු ඇති.

කැනඩාව සම්බාධක පැනවූ අනෙක් ශ්‍රී ලාංකික දෙදෙනා වන්නේ මාණ්ඩලික සැරයන් සුනිල් රත්නායක සහ ලුතිනල් කමාන්ඩර් චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි යන අයයි.

ශ්‍රී ලංකාවේ සිවිල් ගැටුම්වලදී මානව හිමිකම් කඩ කළ බවට චෝදනා කරමිනුයි කැනඩාව මොවුන්ට එරෙහිව සම්බාධක පනවා ඇත්තේ.

ඒ අනුව කැනඩාව සමග ව්‍යපාරික සම්බන්ධතා පැවැත්වීම මෙම සිව් දෙනාටම තහනම් වනු ඇති.

යම් හෙයකින් ඔවුන්ට කැනඩාවේ දේපලක් ඇත්නම් ඒවාද රාජසන්තක කරන බවයි කැනේඩියානු රජය පවසන්නේ.

Exit mobile version