චීන ප්‍රදානයක් ලෙස පාසල් නිල ඇඳුම් රෙදි තොගයක් ශ්‍රී ලංකාවට

2023 වර්ෂයට අදාළව පාසැල් සිසුන්ට නිල ඇදුම් ලබාදීම මාර්තු මස 20 වනදා ට පෙර සිදුකරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත මහතා පවසයි.

ඔහු පවසන්නේ මෙරට පාසැල් සිසුන්ට වාර්ෂිකව අවශ්‍ය පාසැල් නිල ඇඳුම් අවශ්‍යතාවයෙන් සියයට 70 සපුරාලීමට චීන රජය එකඟතාව පළකර ඇති බවය.

ඊට අදාළ පළමු රෙදි තොගය චීන රජය මඟින් අධ්‍යාපන අමාත්‍යාංශය වෙත ලබාදීම ඊයේ (13)සිදුකෙරුණි.

Exit mobile version