ව්‍යාපාරිකයෙකුට වෙඩිතැබීමක්

හොරණ කුඹුක ප්‍රදේශයේ අද (16) අලුයම සිදු වූ වෙඩිතැබීමකින් පුද්ගලයෙක් තුවාල ලබා හොරණ මූලික රෝහලට ඇතුළත් කර තිබෙනවා..

අද අලුයම එකත් දෙකත් අතර කාලයේදී හොරණ කුඹුක ප්‍රදේශයේදී වෙඩිතැබීමක් සිදුව ඇත.

තුවාල ලැබූ ව්‍යාපාරිකයා හොරණ මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් මොරගහහේන පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරනු ලබයි.

Exit mobile version