පළාත් පාලන මැතිවරණය මාර්තු 9 වනදා

පළාත් පාලන මැතිවරණය එළඹෙන මාර්තු මස නම වනදා පැවැත්වෙන බවට තීරණය කර ඇති බව මැතිවරණ කොමිසම නිවේදනය කර තිබෙනවා.

මැතිවරණ කොමිෂන් සභාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සහා කොමිසමේ සාමාජිකයින් දෙදෙනෙකු එය තහවුරු කර තිබෙනවා.

ඒ අනුව දිස්ත්‍රික් ලේකම්වරුන්ටද මැතිවරණය පැවැත්වෙන දිනය දන්වා තිබෙන බවයි වාර්තා වන්නේ.

පළාත් පාලන මැතිවරණය සඳහා නාම යෝජනා භාර ගැනීම අද මධ්‍යහන දොළහෙන් අවසන් වූ අතර ඉන්පසුව මැතිවරණය පවත්වන දිනය මැතිවරණ කොමිසම මගින් මෙලෙස ප්‍රකාශයට පත් කළා.

Exit mobile version