වෛද්‍යවරුන් කළු පටි පැළඳ සේවයට

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය දිවයින පුරා කළු විරෝධතාවයක් ආරම්භ කළා.

ඒ රජයේ අසාධාරණ බදු ප්‍රතිපත්තියට විරෝධය පළකරමින්.

මෙම විරෝධතා මාලාව සතියක කාලයක් පුරා සිදුකරන බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ප්‍රකාශ කළේ.

ඒ අනුව අසාධාරණ බදු ප්‍රතිපත්තිය සහ ඖෂධ හිඟය විසඳුම් ඉල්ලමින් කළු පටි පැළඳගෙන වෛද්‍යවරුන් රෝගීන්ට ප්‍රතිකාර කළා.

කොළඹ ජාතික රෝහලේ බාහිර රෝගී අංශයේදී කළු කොඩි ඔසවා මහජන පෙත්සම් අත්සන් කිරීමද ආරම්භ කෙරුණා.

Exit mobile version