විදුලි ගාස්තු සංශෝධනය ක්‍රියාත්මක නොකිරීමට ඒකමතික තීරණයක්

අතීතයට බලපාන පරිදි විදුලි ගාස්තු සංශෝධනය කිරීමට කැබිනට් මණ්ඩලය කළ යෝජනාව ක්‍රියාත්මක නොකිරීමට මහජන උපයෝගිතා කොමිසම ඒකමතිකව තීරණය කර තිබෙනවා.

මීට පෙර කොමිසමේ සාමාජිකයින් තිදෙනෙක් විදුලි බිල වැඩි කිරීමට කැමැත්ත පළ කළ බවට තොරතුරු වාර්තා වුණා.

නමුත් ඊයේ පැවති රැස්වීමේදී කොමිසමේ සියලු සාමාජිකයින් විදුලි බිල අතීතයටත් බලපාන අයුරින් වැඩිකිරීමේ යෝජනාවට විරුද්ධ වීම විශේෂත්වයක්.

මෙතෙක් බෙදී ඇති බවට ප්‍රකාශ කෙරුණ මහජන උපයෝගිතා කොමිසමද තනි මතයකට පැමිණීම මේ අතර දක්නට ලැබුණා.

Exit mobile version