දුම්රිය සේවකයින්ගේ නිවාඩු අවලංගු කෙරේ

වහාම ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා දුම්රිය සේවයේ සියලු කාර්යමණ්ඩලවල නිවාඩු අද (14) සිට අවලංගු කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා.

නිවේදනයක් නිකුත් කරමින් දුම්රිය සාමාන්‍යාධිකාරී ඩබ්ලිව්.ඒ. ඩී.එස්.ගුණසිංහ සඳහන් කළේ, දුම්රිය සේවාව අඛණ්ඩව හා කාර්යක්ෂමව පවත්වාගෙන යාම සඳහා එම පියවර ගත් බවය.

2321/ අංක 7 දරණ රජයේ අතිවිශේෂ ගැසට් නිවේදනයට අනුව පසුගිය 27වන දින ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් දුම්රිය සේවය අත්‍යාවශ්‍ය සේවාවක් බවට ප්‍රකාශයට පත්කරනු ලැබීය.

1979 අංක 61 දරණ අත්‍යවශ්‍ය මහජන සේවා පණතේ දෙවන වගන්තිය ප්‍රකාරව අත්‍යවශ්‍ය මහජන සේවාවක් ලෙස ප්‍රකාශයට පත් කර ඇති දුම්රිය සේවයේ සියලුම කාර්ය මණ්ඩලවල නිවාඩු අද සිට අවලංගු කෙරෙන බව දුම්රිය සාමාන්‍යාධිකාරී ඩබ්ලිව්. ඒ. ඩී.එස්. ගුණසිංහ සඳහන් කළේය.

Exit mobile version