විශේෂ අවශ්‍යතා සහිත තරුණියකගේ සිරුරක් වගා ළිඳකින්

අනුරාධපුර සීප්පු කුලම ප්‍රදේශයේ වගා ළිඳක තිබී විශේෂ අවශ්‍යතා සහිත තරුණියකගේ සිරුරක් හමුවී තිබෙනවා.

අදාළ තරුණිය නිවසේ සිටියේ නැති නිසා නිවැසියන් කළ සොයා බැලීමකදී මෙලෙස ළිඳ තුළ තිබී එම තරුණියගේ සිරුර හමුව ඇත්තේ.

තරුණියගේ මරණය සැක සහිත බව පවසමින් නිවැසියන් පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකයි.

Exit mobile version