දකුණු කොරියානු තානාපතිවරයා ජනපති හමුවෙයි

සේවා කාලය අවසන් කර නික්ම යන ශ්‍රී ලංකාවේ දකුණු කොරියානු තානාපතිවරයා ජනපති හමුවෙයි.

සිය සේවා කාලය අවසන් කර නික්ම යන ශ්‍රී ලංකාවේ දකුණු කොරියානු තානාපති ජොන්ග් වුන්ජින්ග් (Jeong Woonjin) (06) ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමුවිය.

දකුණු කොරියානු තානාපතිවරයා සිය නික්ම යාම ජනාධිපතිවරයා වෙත නිල වශයෙන් දැනුම් දුන් අතර, එහිදී සුහද සාකච්ඡාවකට ද එක්විය.

ජොන්ග් වුන්ජින්ග් සිය ධුර කාලය තුළදී ශ්‍රී ලංකාවට ලබාදුන් සහයෝගය අගය කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඒ පිළිබඳ සිය කෘතඥතාව පළ කළ අතර, ඔහුගේ ඉදිරි කටයුතු සාර්ථක කර ගැනීමට ද සුභාශිංසන පිළිගැන්වීය.

Exit mobile version