ඇල්ජීරියාවේ ගුවන් අනතුර සම්බන්ධයෙන් දින තුනක ජාතික ශෝක කාලයක්

ඇල්ජීරියාවේ සිදුවු ගුවන්යානා අනතුරින් පුද්ගලයන් 257 දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
එරට හමුදාවට අයත් මෙම යානය ගුවන් ගත වී සුළු වේලාවකට පසු එය අනතුරට පත්වූ බව ඇල්ජීරියා ආරක්ෂක අමාත්‍යාංශය ප්‍රකාශ කර තිබේ.
කෙසේවෙතත් යානය අනතුරට ලක්වීමට හේතුවක් මෙතෙක් නිශ්චිතව අනාවරණ වී නොමැත.
ඇල්ජීරියා ආරක්ෂක අමාත්‍යංශය ප්‍රකාශ කළේ සිද්ධිය පිළිබඳ මේ වන විට විශේෂ විමර්ශණයක් ආරම්භ වී ඇති බවය.
මිය ගිය අයගෙන් වැඩිදෙනෙකු හමුදා නිලධාරීන් වේ.
ඇල්ජීරියාවේ සිදු වූ දරුණුතම ගුවන් අනතුර මෙය ලෙසද සැලකේ. මේ සම්බන්ධයෙන් දින තුනක ජාතික ශෝක කාලයක් ද එරට රජය විසින් ප්‍රකාශයට පත් කර තිබේ.
Exit mobile version