ඉතාලියේ ගංවතුරින් 13ක් මරුට

ඉතාලියට බලපා ඇති අධික වර්ෂාවෙන් ඇතිවූ ගංවතුර තත්ත්වය තවමත් පවතිනවා.

ගංවතුරින් මියගිය සංඛ්‍යාව 13 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබෙනවා.

එසේම පුද්ගලයින් කිහිපදෙනෙකු අතුරුදන්ව ඇති බවයි වාර්තා වන්නේ.

අධික වර්ෂාවත් සමඟ නායයෑම් 280ක් පමණ සිදුව ඇති අතර මාර්ග 400ක් පමණ විනාශ වී තිබෙනවා.

මේ වන විට නගර 42ක් ජලයෙන් යටවී ඇති බව විදෙස් මධ්‍යයේ සඳහන්.

Exit mobile version