දින හතරකදී රිය අනතුරු හේතුවෙන් පුද්ගලයන් 40ක් මරුට

රියදුරන්ගේ හා යතුරුපැදිකරුවන්ගේ නොසැලකිල්ල හේතුවෙන් පසුගිය 12 දා සිට ඊයේ (16දා) පෙ.ව. 6.00 වන විට අනතුරු හේතුවෙන් පුද්ගලයන් 40ක් මියගොස් ඇති බව පොලීසිය පවසයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසුවේ, මෙයින් බහුතරයක් මියගොස් ඇත්තේ යතුරුපැදි අනතුරු හේතුවෙන් බවයි.

බීමතින් රිය පැදවීම, ප්‍රමාණය ඉක්මවා මගීන් රැගෙන යාම හා අධික වේගය හේතුවෙන් මෙම අනතුරුවලින් බහුතරයක් සිදුව ඇත.

 

Exit mobile version