පළාත් පාලන මැතිවරණය ජනවාරි මාසය නිමවිමට පෙර

ජනවාරි මාසය නිමවිමට පෙර පළාත් පාලන මැතිවරණය පවත්වන බවට සහ මාර්තු මාසය නිම වීමට පෙර පළාත් සභා මැතිවරණය පැවැත්වීම සඳහා අවශ්‍ය කටයුතු සම්පාදනය කරන ලෙස කාතානායවරයා අදාළ ආයතන වෙත දැනුම් දී ඇත.

පසුගිය 20දා සම්මත වූ පළාත් සභා ඡන්ද විමසීම් සංශෝධන පනතට ද  කතානායකවරයා ස්වකීය අත්සන  සටහන් කොට ඇත.පළාත් සභා හා පළාත් පාලන විෂය භාර අමාත්‍ය ෆයිසර් මුස්තාපා, මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය සහ සීමානිර්ණ කොමිෂන් සභාවේ සභාපති අශෝක් පීරිස් යන මහත්වරුන් පාර්ලිමේන්තුව වෙත කැඳවා කළ සාකච්ඡාවකදී කතානායකවරයා විසින් මෙම දැනුම් දීම සිදු කරන ලදී.

 

 

Exit mobile version