2019 වසරේ එක්දින ලෝක කුසලානය මැයි 30දා සිට

2019 වසරේ එක්දින ලෝක කුසලානය මැයි 30දා සිට ජුලි 14 දා දක්වා පැවැත්වීමට තීරණය කර තිබේ.

මේ පිළිබඳ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සාකච්ඡාවක් ඉන්දියාවේ කොල්කටා නුවරදී පවත්වා ඇති අතර, එහිදී මෙම තීරණය ගෙන තිබේ.

2019 වසරේ ඉන්දීය ප්‍රිරිමියර් ලීග තරගාවලිය මාර්තු මස 29දා සිට මැයි මස 19දා තෙක් පැවැත්වීමට නියමිත හෙයින් ඉන්දීය ප්‍රිරිමියර් තරගාවලිය හා ජාත්‍යන්ත තරග අතර දින 15ක හිඩසක් ඉන්දීය ක්‍රිකට් ආයතනයේ ලෝධා කමිටුව නිර්දේශ කර ඇති බැවින් ඉන්දීය කණ්ඩායම ක්‍රීඩා කරන පළමු තරගය ජුනි 04දා දකුණු අප්‍රිකා කණ්ඩායමට එරෙහිව පැවැත්වීමට නියමිතව තිබේ.

Exit mobile version