රාජ්‍ය වෙසක් උත්සවය නිමිත්තෙන්, වෙසක් සමරු මුද්දරයක් එළිදැක්වෙයි

2562 වන රාජ්‍ය වෙසක් උත්සවය නිමිත්තෙන් රුපියල් 12.00ක වටිනාකමකින් යුත් නව තැපැල් මුද්දරයක් තැපැල් දෙපාර්තමේන්තුවේ මුද්දර කාර්යාංශය විසින් නිකුත් කිරීමට කටයුතු යොදා ඇත.

මුද්දර සැලසුම් ශිල්පී පාලිත ගුණසිංහ මහතා විසින් මෙම මුද්දර නිර්මාණය කර තිබේ.

රාජ්‍ය වෙසක් උත්සවය පැවැත්වෙන බිංගිරිය දේවගිරි රාජමහා විහාරය මෙම මුද්දරයෙන් නිරූපණය කෙරෙන අතර රාජ්‍ය වෙසක් උත්සවයට සමගාමීව බිංගිරිය දේවගිරි රාජමහ විහාරස්ථානයේ දී මුද්දරය එළිදැක්වීම සිදු කෙරේ.

Exit mobile version