දක්ෂිණ අධිවේගි මාර්ගයේ රිය අනතුරක් – 17කට තුවාල

දක්ෂිණ අධිවේගි මාර්ගයේ 91 සැතපුම් කණුව අසලදි අද (28දා) උදෑසන කතරගම වන්දනාවේ යමින් සිටි පිරිසක් රැගත් පුද්ගලික බස් රථයක රෝදයක එකවරම හුළංයාම නිසා වු අනතුරකින් බසයේ ගමන්ගත් පුද්ගලයින් 17 දෙනෙකු තුවාල ලබා ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත්කොට ඇති බව සදහන් වෙයි.

පොලිසිය පැවසුවේ, රියදුරාට බසය පාලනය කරගැනිමට නොහැකි විමෙන් මෙම අනතුර වි ඇති බවයි.

Exit mobile version