බස්නාහිරට සහ දකුණට උදැසන සිට වැසි

දකුණු,,බස්නාහිර ,සබරගමුව, මධ්‍යම, ඌව සහ වයඹ පළාත්වලත් අනුරාධපුර සහ වවුනියාව දිස්ත්‍රික්කවලත් ස්ථාන කිහිපයක සවස් භාගයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි අපේක්ෂා කරන බවට කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

දකුණු සහ බස්නාහිර  වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේදීත් වැසි ඇතිවිය හැකි බවට ප්‍රකාශ කරයි.

සබරගමුව සහ මධ්‍යම පළාත්වල සමහර ප්‍රදේශවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් අපේක්ෂා කළ හැකි බවද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

Exit mobile version