සිසුන් හත් දෙනෙකු බඹර ප්‍ර‍හාරයකට ලක්වීමෙන් රෝහලට

අද (04) දහවල් පස්සර දෙමළ මධ්‍ය මහා විද්‍යාලයේ සිසුන් හත් දෙනෙකු බඹර ප්‍ර‍හාරයකට ලක්වීමෙන් පස්සර ප්‍රාදේශීය රෝහලට ඇතුලත් කර ඇති බව පොලීසිය පවසයි.

එම විද්‍යාල භූමියේ ගසක පිහිටි බඹර කූඩුවක බඹරු ඇවිස්සීමෙන් මෙම අනතුර සිදුව ඇති අතර විද්‍යාලයේ 6 හා 7 ශ්‍රේණිවල ඉගෙනුම ලබන සිසුන් පිරිසක් මෙම බඹර ප්‍ර‍හාරයට ලක්ව ඇති බව පොලීසිය සඳහන් කළේය.

Exit mobile version