ශ්‍රී ලංකා පොලිසියට සෙත්පතා ධර්මදේශනාමය පින්කමක් පැවැත්වෙයි

ශ්‍රී ලංකා පොලිසියට අනුයුක්තව රාජකාරි කරනු ලබන සිවිල් නිලධාරින් හා පොලිස් නිලධාරින් එක්ව පිහිටුවන ලද “සහෘද අපි” යන සාමූහික සංසදයේ සංවිධානයෙන් සමස්ත පොලිස් නිලධාරින්ට හා ලක් වාසි සැමට සෙත්පතා සුමධුර ධර්මදේශනාවක් ඊයේ (04) දින ආමර් වීදියේ මුක්තාර් ප්ලාස් ගොඩනැගිල්ලේදි පවත්වන ලදි.

බම්බලපිටිය, වජිරාරාම විහාරවාසි, පුජ්‍ය මීගොඩ සුඛිත ස්වාමින් වහන්සේ විසින් මෙම ධර්ම දේශනාව පවත්වන ලද අතර පොලිස්පති, පූජිත් ජයසුන්දර මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකරන ලදි.

Exit mobile version