ප‍ෙර පාසල් දැරියකට අතවර කළ පුද්ගලයෙකු අත්අඩංගුවට

පෙර පාසල් දැරියකට අතවර කිරීමක් සම්බන්ධයෙන් 65 හැවිරිදි පුද්ගලයෙකු සැකපිට අත්අඩංගුවට ගත් බව පාදුක්ක පොලිසිය පවසයි.

සැකකරු හෝමාගම මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

අතවරයට ලක් වූ බව කියන පෙර පාසල් දැරිය වෛද්‍ය පරීක්ෂණයක් සඳහා හෝමාගම මූලික රෝහලට යොමු කළ  බවද පොලිසිය පැවසීය.

පාදුක්ක පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Exit mobile version