උපාධිධාරී ගුරු පත්වීම් 2300ක්

ලබන ජූලි මස මුල් සතියේ දී ගණිතය, රසායන විද්‍යාව , භෞතික විද්‍යාව, ජීවවිද්‍යාව, සිංහල, ඉංග්‍රීසි, දමිළ මාධ්‍යයන් හා තාක්ෂණවේදය මෙන් ම විදේශ භාෂා යන විෂය ධාරාවල උපාධිධාරී ගුරු පත්වීම් 2500ක් පමණ ලබා දීමට අවශ්‍ය පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත පවසනවා.

එම සියලු‍ උපාධිධාරීන් විභාගයකට පෙනී සිටීමෙන් අනතුරුව සම්මුඛ පරීක්ෂණ සඳහා ද මේ වන විට පෙනී සිට ඇතැයි ද අමාත්‍යවරයා පැවසීය.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ නාත්තන්ඩිය ධම්මිස්සර විද්‍යාලයේ ඉදිකල නව තෙමහල් තාක්ෂණ ගොඩනැගල්ල සිසු අයිතියට පත් කිරීමේ උත්සවයට එක්වෙමින්.

Exit mobile version