බඹර ප්‍රහාරයක් හේතුවෙන් පාසල් සිසුන් පිරිසක් රෝහලේ

මූතූර් පොලිස් වසමේ මූතූර් 05 ප්‍රදේශයේදී පාසලක 05 වසරේ සිසු සිසුවියන් පිරිසක් පාසලේ අමතර පන්තියකට සහභාගි වී සිටි අවස්ථාවක පාසලට යාබද නිවසක බඹර කූඩුවක් ඇවිස්සී පාසල් සිසුන්ට හා ගුරුවරයාට බඹරුන් දෂ්ඨ කර රෝහල් ගත කර තිබෙනවා.

ගුරුවරයා හා සිසුන් 22 ක් ද සිසුවියන් 08 ක්ද මුතූර් රෝහලට ඇතුලත් කර නේවාසිකව ප්‍රතිකාර ලබන බවයි වාර්තා වන්නේ.

Exit mobile version