ගුරු විදුහල්පති වර්ජනයෙන් පාසල් 10,000ට අධික සංඛ්‍යාවක් වැසෙයි (VIDEO)

අද (26) රට පුරා ගුරු විදුහල්පතිවරුන් අසනීප නිවාඩු වාර්තා කරමින් වර්ජනයක නිරත වනවා.

මේ නිසා පාසල්වල ඉගැන්වීමේ කටයුතුවලට දැඩි බාධාවක් එල්ල වී ඇති බවයි අප ප්‍රාදේශීය වාර්තාකරුවන් පවසන්නේ.

දිවයින පුරා පාසල් 10,000 කට අධික සංඛ්‍යාවක් වර්ජනය හේතුවෙන් වසා දැමුණු බවයි ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින්
ප්‍රකාශ කළේ.

වර්ජනයේ නිරත ගුරුවරුන් මේ වන විට කොළඹ දී දැවැන්ත විරෝධතාවයක්ද ආරම්භ කර තිබෙනවා.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Exit mobile version