ඉන්ධන මිල අද රාත්‍රීයේ සිට ඉහළට

ඉන්ධන මිල අද (10) රාත්‍රීයේ සිට ඉහළ දැමෙනු ඇති බවත්, ඒ අනුව නව මිල ගණන් මුදල් අමාත්‍යාංශය විසින් අද පස්වරුවේ ප්‍රකාශයට පත් කෙරෙනු ඇති බව වාර්තා වෙයි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති නිල නිවසේ ඊයේ (9) රාත්‍රී පැවති ඇමැතිවරුන්ගේ විශේෂ සාකච්ඡාවක දී ඉන්ධන මිල වැඩි කිරිමට තීරණය වී ඇති බව සදහන් වෙයි.

පෙට්‍රල් ලීටරයක් රුපියල් 20 කින් ද, ඩීසල් ලීටරයක් රුපියල් 9 කින් හා භූමිතෙල් ලීටරයක් රුපියල් 40 කින් ද වැඩි කිරිමට යෝජනා වී ඇතැයි පැවසේ.

ධීවරයන්ට සහ සමෘද්ධීලාභීන් සඳහා භුමිතෙල් සහන මිලට සැපයීමට තීරණය වී ඇත.

Exit mobile version