මාර්ග අනතුරු අවම කර ගැනීමට, ආකල්ප පාලනය ද අත්‍යාවශ්‍යයි

අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා අද (10) මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව සංවිධානය කළ දේශීය හා විදේශීය විද්වතුන්ගේ සහභාගිත්වයෙන් කොළඹ කිංන්ස්බරි හෝටලයේ පැවති උත්සවයට සහභාගි වෙමින් ප්‍රකාශ කළේ
ශ්‍රී ලංකාවේ මාර්ග ආරක්ෂාව පිළිබඳ උනන්දු වන ලෝක සෞඛ්‍ය සංවිධානයට, තමා මුලින්ම ස්තුති කළ අතර ම ශ්‍රී ලංකාව මුහුණ දෙන අභියෝගයක් වන මාර්ග අනතුරු ඉහළ යාමේ ප්‍රවණතාව අඩු කර ගැනීම සඳහා කටයුතු කිරීමට ප්‍රවාහන අමාත්‍යාංශය, ලෝක සෞඛ්‍ය සංවිධානය ඇතුළු ආයතන ගණනාවක් කටයුතු කළද දිනෙන් දින මාර්ග අනතුරු ඉහළ යන බවද අමාත්‍යවරයා ප්‍රකාශ කරයි.
මෙයට හේතුව වන්නේ දිනෙන් දින ශ්‍රී ලංකාවේ මාර්ග පද්ධතියට අලුතින් මෝටර් රථ එක් වුවද ඒ හා සමගාමීව මාර්ග පද්ධතිය පුළුල් නොවන බව පෙන්වාදෙන අමාත්‍යවරයා මේ තත්ත්වයට මුහුණ දීමට දුම්රිය වැනි ප්‍රවාහන සේවාවන් ශක්තිමත් කළ යුතු වෙනවා වගේම භාණ්ඩ ප්‍රවාහනය දුම්රිය මගින් කිරීම තුළින් මාර්ග තදබදය අවම කරගත හැකි බවත් පෙන්වා දෙයි.
මාර්ග තදබදය හා සම්බන්ධ වන තෙල් බවුසර් හා කන්ටේනර් ඇතුළු බර වාහන පිළිබඳවත් පාසල් සිසුන් ප්‍රවාහන කරන වෑන්, බස්රථ හා ත්‍රීවිල් වළිනුත් මාර්ග තදබදය හා අනතුරු වීම් සිදු වන බැවින් මේ පිළිබඳව විශේෂ නිතීරීති හා වැඩපිළිවෙළක් සකස් කළ යුතු යැයි ද අමාත්‍යවරයා කීය.
Exit mobile version