ඇහැළේපොළ කුමාරිහාමි සමරු උළෙල 16, 17 වන දෙදින තුළ

ඇහැලේපොළ මාතලේ වීරුවන් සැමරීමේ සංවිධානයේ අනුශාසක පුජ්‍ය පාලාවත්තේ සෝනුත්තර හිමිපාණන් වහන්සේ  පැවසූවේ, සිංහලේ වීර කාන්තාවක් වු ඇහැලේපොළ කුමාරිහාමිගේ දෙසිය පස්වන ගුණ සමරු උළෙල මෙම 16, 17 වන දෙදින තුළ අති උත්කර්ෂවත්ව පැවැත්වෙන බවයි.

ඒ අනුව මැයි මස 16දා පස්වරු 4.00ට ඇහැලේපොල පුරාණ විහාරස්ථානයේදී විශේෂ බෝධි පුජා පුණ්‍යකර්ම පැවැත්වේ.

මැයි 17දා පස්වරු 2.00ට ඇහැලේපොල වීර මද්දුම බණ්ඩාර ළමා විරුවාගේ පිළිරුවට පුෂ්පොපහාර දක්වා එතැන් සිට අලංකාර පෙරහරකින් ඇහැලේපොල විහාරස්ථානය අභියසට පැමිණ උපහාර පෙරහර විහාරස්ථානය අසල පිහිටි පුරාණ වැව අසල ඉදිකර ඇති ඇහැලේපොල කුමාරිහාමිගේ පිළිරුවට පුෂ්පෝපහාර දැක්වීමට නියමිතය.

 

Exit mobile version