කැලණිය පුදබිමේදි මියගිය රණවිරුවන් සමරා පහන් 28,619 ක් දල්වමින් ඓතිහාසික අලෝක පුජාවක්

එල්ටිටිඊ ත්‍රස්ථවාදයට එරෙහිව සිදුකරන ලද මානුෂීය මෙහෙයුමේදි දිවිපිදු රණවිරුවන් සිහිපත් කරමින් ජාතික රණවිරු සැමරුම් දින හෙට (19) පවත්වනු ලබන ප්‍රධාන සැමරුම් උත්සවයට සමඟාමීව ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් පවත්වනු ලබන ‘ආලෝක පුජාව’ ශ්‍රී ලංකා නාවික හමුදාව, ශ්‍රී ලංකා ගුවන් හමුදාව, ශ්‍රී ලංකා පොලීසිය සහ සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ ද සහයෝගීත්වය ඇතිව හෙට6 (19) දින කැලණිය රාජ මහා විහාරස්ථානයේ දී පැවැත්වීමට නියමිතය.

යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායකගේ සංකල්පයකට අනුව පවත්වනු ලබන මෙම ආලෝක පුජාවේ දී දේශයේ යහපත් හෙට දිනක් උදාකිරිමට මාතෘ භුමීය වෙනුවෙන් තම ජීවිත පුජා කරමින් හා අප්‍රතිහත කැපකිරීම් සිදුකරමින් වික්‍රමාන්විත වූද, අභීතභාවය ප්‍රදර්ශනය කලාවුද විරෝධාර ත්‍රිවිධ හමුදා සහ පොලීසියේ රණවිරුවන් සිහිපත් කරමින් ඔවුන්ගේ ජිවිත ආලෝකමත් වේවායි උතුම් ප්‍රාර්ථනාවෙන් යුක්තව පහන් 28,619 ක් දල්වනු ලබයි.

Exit mobile version