වැලිමඩ බදුල්ල ප්‍රධාන මාර්ගයේ රිය අනතුරක් – තිදෙනෙකුට බරපතල තුවාල

අද (19දා) වැලිමඩ බදුල්ල ප්‍රධාන මාර්ගයේ හාලිඇල අඹවක ප්‍රදේශයේදී වෑන් රථයක් අඩි සියයක පමණ ප්‍රපාතයකට පෙරලී අැති බවට වාර්තා වෙයි.

හාලිඇල පොලීසිය පැවසුවේ, වෑන් රථයේ ගමන් ගත් පුද්ගලයින් තිදෙනෙකු බරපතල තුවාල ලබා බදුල්ල මහ රෝහලට ඇතුළත් කර ඇති බවයි.

කොළඹ ප්‍රදේශයේ සිට බදුල්ල ස්ප්‍රීංවැලි ප්‍රදේශයට පැමිණෙමින් සිටි පිරිසක් රැගත් මෙම වෑන් රථයේ රියදුරුට වෑන් රථය පාලනය කර ගැනීමට නොහැකිව ප්‍රපාතයට පෙරලීම නිසා මෙම අනතුර සිදුවී තිබේ.

Exit mobile version