කොළඹ මහනගර සභාවේ අනුග්‍රහය මත බෞද්ධ විහාරස්ථාන 138 ක් සදහා මූල්‍ය පරිත්‍යාග

කොළඹ මහනගර සභාවේ අනුග්‍රහය මත බෞද්ධ විහාරස්ථාන 138 ක් සදහා මූල්‍ය පරිත්‍යාග ලබාදීම පැවැත්විණි.

ඒ ඊයේ (21) දින අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේ දී ය.

මෙම අවස්ථාවට නුගේගොඩ නාලන්දාරාමාධිපති තිනියාවල පාලිත හිමි, හුණුපිටිය ගංගාරාමාධිකාරී ආචාර්ය කිරින්දේ අස්සජි, සේදවත්ත වෙහෙරගොඩ පුරාණ රජමහා විහාරාධිපති අඹන්වල ඥාණාලෝක හිමිවරු ඇතුලූ මහා සංඝ රත්නය ද, පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා ද, කොළඹ නගරාධිපතිනී රෝසි සේනානායක  මහත්මිය ප්‍රමුඛ නාගරික මන්ත්‍රීවරු ද සහභාගි වූහ.

Exit mobile version