පාකිස්ථානයේ කරච්චි නගරයට අධික උණුසුම් කාලගුණයක් – 65 දෙනෙකු මරුට

අධික උණුසුම් කාලගුණය හේතුවෙන් පාකිස්ථානයේ කරච්චි නගරයේ සිදුවන ජීවිත හානි සීඝ්‍ර ලෙස ඉහල යමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ගෙවීගිය දින තුනක කාලය ඇතුලත පුද්ගලයින් 65 දෙනෙක් දැඩි උණුසුමෙන් මියගොස් තිබේ.
කරච්චි නගර ප්‍රදේශයේ උෂ්ණත්වය මේ වනවිට සෙල්සියස් අංශක 44ක් තරම් ඉහල අගයක පවතී.
රාමසාන් උපවාස සමය හා සමගාමීව උණුසුම් කාලගුණික තත්ත්වය හටගැනීම වඩාත් නරක තත්ත්වයක් උදාකර ඇති බව වාර්තා වේ.
Exit mobile version