ආපදා තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් 12ක් මරුට – ලක්ෂයකට වැඩි පිරිසක් පීඩාවට

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සදහන් කළේ, දිස්ත්‍රික්ක 18 කට බලපා ඇති ආපදා තත්ත්වය හේතුවෙන් මේ වන විට පුද්ගලයින් ලක්ෂයකට වැඩි පිරිසක් පීඩාවට පත්ව ඇති බවයි‍.
එසේම මේ වන විට පුද්ගලයින් 12 දෙනෙකු මියගොස් ඇත.
පවුල් 11,723කට අයත් පුද්ගලයින් 44,745ක් කඳවුරු වල සිටින බවයි සදහන් වන්නේ.
පවුල් 31,822 කට අයත් පුද්ගලයින් 124,733 දෙනෙකු ආපදා තත්ත්වය හේතුවෙන් පීඩාවට පත්ව සිටියි.
Exit mobile version