වසා දැමූ කඩුවෙල පාලම වෙනුවට තාවකාලික පාලමක් ඉදි කරයි

ඇදහළෙන ධාරානිපාත වර්ෂාව හේතුවෙන් කැලණි ගඟේ ජල මට්ටම ශ්‍රීඝ්‍රයෙන් වැඩි වෙමින් පවතින අතර කැලණි ගඟ හරහා ඉදිකර ඇති කඩුවෙල පාලම බිඳියෑමේ අවදානමක් ඇති බව දැන ගැනීමෙන් අනතුරුව ඊයේ (24දා) මධ්‍යහනයේ යුද හමුදාවේ මැදිහත් වීමෙන් තාවකාලික පාලමක් ඉදිකිරීමේ කටයුතු ආරම්භ කෙරිණි.

මෙම පාලම දෙපස ඉවුර ඛාදනය වී පස් බැම්ම කැඩියෑමේ අවදානමක් පවතින අතර ඒ වෙනුවට යුද හමුදාවේ භට පිරිස් හා මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරීන් එක්ව තාවකාලික පාලමක් ඉදිකිරීමේ කටයුතු ආරම්භ විය.

ඒ අනුව, යුද හමුදා භට පිරිස් විශාල ලෝහ ව්‍යුහයන් භාවිත කරමින් තාවකාලික පාලමක් ඉදිකරමින් පවතින අතර හදිසි ආපදාවක් ඇති වූවහොත් ඕනෑම වාහනයක් මෙම පාලම මතින් ගමන් කිරීමේ හැකියාවද පවති.

Exit mobile version