මැලේසියානු ගුවන් සමාගමට අයත් එම් එච් 370 ගුවන් යානයේ සෙවීම් කටයුතු සිදු කරයි

පසුගිය 2014 වර්ෂයේ මාර්තු මස 08 වන දින මැලේසියානු ගුවන් සමාගමට අයත් එම් එච් 370 ගුවන් යානය අතුරුදන් විය. එහි මගීන් 239 දෙනෙකු සිටි බව සඳහන් වෙයි.

එම ගුවන් යානය ක්වාලාලම්පූර් සිට බිජිං නුවර දක්වා පියාසර කරනු ලැබු බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

මේ වන විට එම ප්‍රදේශයේ වර්ග කිලෝමීටර් 80000 ක ප්‍රමාණයක් ගවේෂණය කර අවසන් බවත්, එරට අාරක්ෂක අංශ ප්‍රකාශ කළේය. ඒ සඳහා සබ්මැරීන් 8ක් යොදා ගෙන අැත.

එම ප්‍රදේශයේ පවතින සීත කාළගුණික තත්වය හේතුවෙන් එම් එච් 370 ගුවන් යානය සෙවිමේ කටයුතු නිළ වශයෙන් නවතා දමා තිබේ.

එහෙත් මේ වනවිට සිදුකරන ලද ගවේෂණ වලින් එම් එච් 370 ගුවන් යානයේ සුන්බුන් කිසිවක් සොයාගැනීමට නොහැකති වී තිබේ‍.

(නිවන්දනා)

Exit mobile version