රේගුවට නව අධ්‍යක්ෂ ජනරාල්වරියක්

මඩකලපු දිස්ත්‍රික් ලේකම්වරිය ලෙස කටයුතු කරන පී.එස්.එම්. චාල්ස් මහත්මිය ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්ෂ ජනරාල්වරිය ලෙස මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතාගේ නිර්දේශ මත අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරනු ලැබ ඇත.

ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරිනියක වන ඇය වසර 26ක පමණ කාලයක් රාජ්‍ය සේවයේ නිරතව සිටින්නීය. මීට පෙර වවුනියාව දිස්ත්‍රික් ලේකම්, අතිරේක දිස්ත්‍රික් ලේකම් සහ සහකාර දිස්ත්‍රික් ලේකම් යන ධුරවල කටයුතු කර ඇති චාල්ස් මහත්මිය යාපනය විශ්වවිද්‍යාලයේ උපාධිධාරිනියක් වන අතර, රජරට හා පේරාදෙනිය යන විශ්වවිද්‍යාලවලින් පශ්චාත් උපාධි ලබා තිබේ.

 

Exit mobile version