ජනපති ප්‍රධානත්වය‌ෙන් වත්තල නව අධිකරණ සංකීර්ණය විවෘත කෙ‌රේ

අධිකරණ අමාත්‍යාංශය මගින් අධිකරණ සංකීර්ණ ඉදිකිරීමේ ව්‍යාපෘතිය යටතේ රුපියල් මිලියන 275 ක වියදමින් ඉදිකරන ලද වත්තල නව අධිකරණ සංකීර්ණය විවෘත කෙරිණි.

ඒ ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙනි.

මහල් දෙකකින් සමන්විතව ඉදිකර තිඛෙන නව අධිකරණ සංකීර්ණය දිසා හා මහේස්ත්‍රාත් යන අධිකරණවලින් සමන්විත අතර විනිසුරු නිල මැදිරි, ලේඛනාගාර, නීතිඥවරුන්ගේ රාජකාරී හා විවේක කාමර ඇතුථ සියලූ පහසුකම්වලින් යුක්තය.

සමරු ඵලකය නිරාවරණය කර නව අධිකරණ සංකීර්ණය විවෘත කළ ජනාධිපතිතුමා එහි නිරික්ෂණ චාරිකාවක ද නිරත වෙමින් කාර්ය මණ්ඩල සමග සුහද කතා බහක නිරත විය.

Exit mobile version