අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලයේ රැස්වීම අද මුලතිව් දිස්ත්‍රික්කයේ දී

අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලයේ මීළඟ රැස්වීම අද (02) දින මුලතිව් දිස්ත්‍රික්කයේ දී පැවැත්වීමට සැලසුම් කර තිබේ.

ජනතාව සමඟ මෙම සංවාද වැඩපිළිවෙල මන්නාරම සහ මාතර යන දිස්ත්‍රික්ක මුල්කර ගනිමින් මැයි මාසයේ දී දියත් කරන ලදී.

කොමසාරිස්වරු හත්දෙනාම, අතුරුදහන් වූවන්ගේ පවුල්වල සාමාජිකයන් අතුරුදහන් වූවන් පිළිබඳ කටයුතු කරන සිවිල් සමාජ සංවිධාන සහ ක්‍රියාකාරිකයින් මෙන් ම ජනමාධ්‍ය සමඟ ඉදිරි සැලසුම් සහ ක්‍රමවේදයන් පිළිබඳව අඳහස් ඉදිරිපත් කිරීමත් ඒ සම්බන්ධයෙන් ජනතා අඳහස් විමසීමක් ද අපේක්ෂා කෙරේ.

Exit mobile version