චීනයේ ජංගම දුරකතන භාවිත කරන්නන්ගේ ආරක්ෂාව සඳහාම වෙන්වූ විශේෂ මංතීරුවක්

ස්මාර්ට් ජංගම දුරකතන වෙත දෑස් යොමා ඉබි ගමනින් යන පදිකයන් සඳහාම වෙන්වූ විශේෂ මංතීරුවක් උතුරු දිග චීනයේ නගරයක් විසින් හඳුන්වා දෙනු ලැබ ඇතැයි වාර්තා වේ.

සිය ජංගම දුරකතනය දෙස පමණක් දෑස් යොමා ගමන් කරන පදිකයන් සඳහා ෂී අන් නගරයේ ‘යන්තා’ වීදීයේ විශේෂ මංතීරුවක් සකසා ඇත.

රතු, කොළ සහ නිල් පාට තීන්ත ආලේප කර ඇති ඉහත කී විශේෂ මංතීරුවේ පළල සෙන්ටිමීටර 80 ක් වන අතර දිග මීටර 100 කි.

මාර්ගය මත ස්මාර්ට් ජංගම දුරකතන පින්තාරු කර ඇති බැවින් එය සාමාන්‍ය පදික වේදිකාවලින් වෙන් කර හඳුනාගත හැකිය.

Exit mobile version