දඹුල්ලෙන් ශරීර අභ්‍යන්තරයේ වැඩෙන පණු විශේෂයක්

දඹුල්ල හා අවට ප්‍රදේශවල පදිංචි පුද්ගලයින් 20 දෙනෙකුගේ පමණ ශරීර අභ්‍යන්තරයේ පණු විශේෂයක් සැත්කම්වලින් ඉවත්කර තිබේ.මෙසේ ශරීරගත වන පණුවන් අඟල් 3ත්, 4ත්, 5ත් අතර දිගකින් යුත් සුදු පැහැති බව වෛද්‍යවරුන් පෙන්වා දෙයි.

ශරීර අභ්‍යන්තරයේ කෝෂ සකස් කරගෙන පණුවන් ජීවත් වන බව පරීක්ෂණවලින් හෙළිවී තිබේ. විශේෂයෙන්ම මෙම තත්ත්වයට ගොදුරුවී ඇත්තේ කුඩා දරුවන් බවද වෛද්‍යවරුන් පවසයි.

ගෘහස්ථ සතුන්ගෙන් මෙම පණු විශේෂය බොහෝ දුරට ශරීර ගතවිය හැකි බවත් මදුරු විශේෂයක් මගින් මෙම පණුවා ශරීර ගතවීමේ වැඩි ප්‍රවණතාවක් පවතින බවත් විශේෂඥ ශල්‍ය වෛද්‍ය අජිත් අත්තනායක මහතා පවසා සිටියි.

Exit mobile version