අඩු පහසුකම් සහිත ප්‍රදේශවල ජනයාට නීතිමය ලේඛන පහසුවෙන් ලබාදීමේ අරමුණ ඇතිව ජංගම සේවයක්

අඩු පහසුකම් සහිත ප්‍රදේශවල ජනයාට නීතිමය ලේඛන පහසුවෙන් ලබාදීමේ අරමුණ ඇතිව ජංගම සේවයක් ජාතික ඒකාබද්ධතා, සංහිදියා සහ රාජ්‍ය භාෂා ම‍නෝ ගනේෂන් මහතාගේ ප්‍රධානත්වයෙන් පවැත්වෙයි.

රාජ්‍ය භාෂා සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යංශය, මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සහ රත්තොට ප්‍රාදේශිය ලේකම් කාර්යාලය එක්ව ම‌ෙය සංවිධානය ක‌ෙ‌‌රේ.

මෙම ජංගම සේවය ජූනි 10 දින පෙ. ව. 9. 00 සිට මාතලේ රත්තොට හින්දු විද්‍යාලයේදී පැවැත්වේ.

මෙම ජංගම සේවය සදහා ප්‍රාදේශිය ලේකම් කාර්යාලය, ජාතික හැදුනුම්පත් දෙපාර්තමේන්තුව, රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා පොලිසිය, රාජ්‍ය භාෂා කොමිෂන් සභාව, විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව, විදුලි බල මණ්ඩලය, නගර ප්‍රාදේශිය සභාව, ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව, ජාතික නිවාස අධිකාරිය, සේවක අර්ථ සාධක අරමුදල, ශ්‍රී ලංකා මහ බැංකුව, ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව යන ආයතන රැසක් සහභාගී වේ.

ලේඛන ලබා ගැනීමේ දී ජයාරූප සහ සාමදාන විනිහ්චයකරුවන්ගේ සහතික ලබාගැනීමට අවශ්‍ය පහසුකම් ද සලසා ඇත.

 

Exit mobile version