සුළං තත්ත්වය සහ වැසි සහිත කාලගුණ තත්ත්වය ඉදිරිදින කිහිපයේදීත්

නිරිත දිග මෝසම සක්‍රීය වීම හේතුවෙන් දිවයින අභ්‍යන්තරයේ සහ දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළං තත්ත්වය සහ වැසි සහිත කාලගුණ තත්ත්වය ඉදිරිදින කිහිපයේදී ද පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

බස්නාහිර, සබරගමුව, දකුණු, මධ්‍යම සහ වයඹ පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

සබරගමුව, බස්නාහිර සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 100 ට වැඩි තද වැසි ඇති විය හැක.

දිවයින හරහා විශේෂයෙන්, බස්නාහිර, දකුණු, මධ්‍යම, උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත් වලත් මොණරාගල දිස්ත්‍රික්කයේත් විටින් විට හමන පැ.කි.මී.60 දක්වා තද සුළං ඇති විය හැක.

Exit mobile version